brand logo

රුහුණු සරසවියේ සිසුන් දෙදෙනෙක්ට කොවිඩ්

05 December 2020

රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යාවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. වසා දමා තිබූ ඉංජිනේරු පීඨය පසුගිය සතියේ තුන්වැනි හා අවසන් වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා යළි ආරම්භ කර ඇති අතර කිසිදු ශිෂ්‍යයකුට විශ්වවිද්‍යාල භූමියෙන් පිටතට යාමට හෝ පිටස්තර පුද්ගලයන්ට ඇතුළට ඒමට ද අවසර ලබාදි නොතිබු බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් පිඪය තුලම සපයාදි තිබු බව සෞඛ්‍ය අංශ පවසයි. සිසු සිසුවියන් තම ගම්පළාත්වල ගොස් පැමිණ සිටි බැවින් ඊයේ (04) එම කණ්ඩායම්වලින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් මෙම සිසුන් දෙදෙනා කොරෝනා ආසාදිත බව අද (05) හඳුනාගෙන ඇත. එම සිසුන් දෙදෙනා සියඹලාපේ සහ මතුගම ප්‍රදේශවල පදිංචිකාරියන් වේ. ඔවුන්ගේ ආශ්‍රිත පිරිස් නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කරමි සිටින බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පැවසීය.
 

More News..