brand logo

රුහුණු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමෙයි

10 July 2019

රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත. අද පෙරවරුවේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා සහ සියලු පීඨාධිපතිවරුන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කළහාකාරි ලෙස හැසිරෙමින් එහි දේපළවලට හානි කර සේවකයින්ට පහර දීමේ සිද්ධින් කිහිපයක් ඊයේ දිනයේ වාර්තාවීම හේතුවෙන් සෙසු සිසුන්ගේ සහ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා මෙම තීරණයට එළැඹී බව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය. සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අවහිර කරමින් විරෝධතාවයක නිරත වූයේ එහි ආරක්ෂාව සඳහා ගත් ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් වන අතර එහිදී සිසුන් ඊයේ දිනයේ අවස්ථා දෙකකදී විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් හා ආරක්ෂක නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගෙන ඇත.
 

More News..