brand logo

රුහුණු විද්‍යා පීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

12 October 2020

අක්මීමන රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනීම සඳහා තීන්දු කොට ඇත. එම නිසා විද්‍යා පීඨයේ නේවාසික ශික්ෂණලාභී සිසු සිසුවියන් 503 දෙනකු සෞඛ්‍ය ආරක්ෂිතව සිය නිවෙස්වලට පිටත්කර යැවීමට ඊයේ (11) දින කටයුතු කරන බැව් උප පීඨාධිපති එස්. එන්. කේ. නානායක්කාර මහත්මිය පැවැසුවාය. යුද හමුදාව මගින් විද්‍යා පීඨයේ නේවාසික ශික්ෂණලාභීන් 503 දෙනකු ආරක්ෂිතව සිය නිවෙස්වලට රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කොට ඇති බවද විද්‍යා පීඨයේ උප පීඨාධිපතිනිය සඳහන් කළාය.
 

More News..