brand logo

රුසියාවේ ස්පුට්නික් V අනෙක් එන්නත්වලට වඩා වෙනස් කියන්නේ ඇයි?

27 May 2021

ස්පුට්නික් V එන්නත ඔබට ලැබුණොත් මේ ගැන සැලකිලිමත් වෙන්න

රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන ‘ස්පුට්නික් V’ (Sputnik V) එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් අද (27) රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා ඇත. මම එන්නත් තොගය අද මෙරටට ලැබෙන්නේ රජය විසින් රුසියාවෙන් ඇනවුම් කල ස්පුට්නික් – v එන්නත් මාත්‍රා තොගයේ දෙවැනි කොටස ලෙසෙයි. ස්පුට්නික් වී එන්නත ලබා දීමේදී දැනට මෙරට භාවිත කරන ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා, සිනොෆාර්ම් වැනි එන්නත් වලට වඩා විශේෂ ක්‍රමයවේදයක් අනුගමනය කරන බව සඳහාන් වේ.

මේ හේතුව නිසාම මුලදී මේ එන්නත ලබා දීම පිළිබඳ ලෝකයේම මතභේදයක් පැවැතිනි.

කෙසේ වෙතත් රුසියාවේ ස්පුට්නික් වී  කොරෝනා වෛරස් මර්දන එන්නත මගින් වෛරසයට එරෙහිව 92% ක ආරක්ෂාවක් ලබා දෙන බව 'ද ලැන්සෙට්' වෛද්‍ය සඟරාවේ පළ වූ අවසාන අදියර අත්හදා බැලීම් ප්‍රතිඵලවලින් හෙළි විය.

එය ආරක්ෂිත යැයි සලකනු ලැබ ඇති අතර, වෛරසය නිසා පුද්ගලයන් රෝහල් ගතවීම සහ මරණයට පත් වීමට එරෙහිව පූර්ණ ආරක්ෂාවක් ලබා දේ. අවසාන අත්හදා බැලීමේ දත්ත නිකුත් කිරීමට පෙර එන්නත ලබා දීම සම්බන්ධයෙන් මෙම එන්නත මුලින් යම් මතභේදයකට ලක්විය. නමුත් විද්‍යාඥයින් පවසන පරිදි මෙම එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත. එය ෆයිසර්, ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හා සමානව සහතික කරන ලද එන්නතකි.

අනෙක් එන්නත් වලින් වෙනස් වන්නේ කෙසේද?

නමුත් වෙනත් සමාන එන්නත් මෙන් නොව, ස්පුට්නික් එන්නතේ පළමු හා දෙවෙනි මාත්‍රාවන් සඳහා තරමක් වෙනස් පිටපත් දෙකක් භාවිතා කරයි.

එකම පිටපත දෙවරක් භාවිතා කරනවාට වඩා වෙනස් සූත්‍ර දෙකක් භාවිතා කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා දිගු කාලීන ආරක්ෂාවක් ලබා දීම මෙයින් අපේක්ෂා කරයි.

පරීක්ෂණවල දී එන්නත හා සම්බන්ධ කිසිදු බරපතල ප්‍රතික්‍රියාවක් වාර්තා නොවිණි. මඳ උණ ගතිය, විඩාව, අත් ඉදිමීම වැනි සුළු අතුරු ආබාධ මෙම එන්නත ලබා ගැනීමෙන් පසු ඇතිවිය හැකිය. කෙසේනමුත්, ස්පුට්නික් වී එන්නත යුරෝපා රටවලට ලබාදීමට යුරෝපා සංගමයේ සෞඛ්‍ය අංශයේ අවසරය තවමත් ලැබී නොමැත. නමුත් ආජන්ටිනාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මෙක්සිකෝව, ඊශ්‍රායලය සහ පිලිපීනය යන රටවල මෙම එන්නත දැනටමත් භාවිත කරති. (මූලාශ්‍ර: ලෝක සෞඛ්‍ය සංවිධානය)
 

More News..