brand logo

රුසියාවෙන් ගෙනා දැල්ලන්ට කොරෝනා

22 September 2020

චීනයට ආනයනය කරන ලද දැල්ලන් තොගයක අසුරනවල කොරෝනා වයිරස තිබී සොයාගෙන ඇති බැව් වාර්තා වෙයි. මෙම සිද්ධිය පිළිබඳව වාර්තා වී ඇත්තේ ජිලින් නැමැති පළාතේ ෆුයූ නගරයේ පිහිටි සන්ජියා දේදා නැමැති මාළු වෙළෙඳසලකිනි. මෙම තත්ත්වය තුළ පසුගිය දිනවල මෙම වෙළෙඳසලෙන් දැල්ලන් මිල දී ගත් අයට කොරෝනා වයිරස පරීක්‍ෂාවන් කරගන්නා ලෙස බලධාරීන් උපදෙස් දී ඇත. මෙම දැල්ලන් තොගය ෆුයු නගරය වෙත ලැබී ඇත්තේ එම පළාතේ අගනුවර වන චැංග්චුන් නගරය හරහාය. කෙසේ වෙතත් මෙම තොගය කිසියම් සමාගමක් විසින් රුසියාවේ සිට ආනයනය කරන ලද්දක් බව මේ වන විට අනාවරණය වී ඇතැයි බලධාරීන් ප්‍රකාශ කර තිබේ. මෙම ආනයන තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ද ඔවුන් සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් මේ වනවිට චීනයෙන් කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ඉතාම සුළු වශයෙනි. පසුගිය සෙනසුරාදා (19දා) නව ආසාදිතයන් වාර්තා වී තිබුණේ 10 දෙනෙකු පමණි. අලුතෙන් වාර්තා වන ආසාදිතයන් අතරින් වැඩි දෙනකු වෙනත් රටවල සිට චීනයට පැමිණෙන අයය. සහන් වික්‍රමගේ
 

More News..