brand logo

රුසියාවෙන් කොරෝනා එන්නතක්

03 August 2020

ලබන ඔක්තෝබර් මාසයේ පටන් තම රටෙහි වැසියන්ට කොරෝනා එන්නත් ලබා දෙන බව රුසියාව ප්‍රකාශ කර තිබේ. එරට සෞඛ්‍ය අමාත්‍ය මිකායෙල් මුරාෂ්කෝ උපුටා දක්වමින් මාධ්‍ය සඳහන් කර තිබුණේ මුලින්ම වෛද්‍යවරුන්ට සහ ගුරුවරුන්ට එන්නත ලබා දෙනු ඇති බවයි. රුසියාවෙහි මෙම එන්නත පිළිබඳ පර්‌යේෂණ සිදු කරන ලද්දේ එරට ගමාලෙයා නමැති පර්‌යේෂණ ආයතනයක් විසිනි. මේ වන විට මෙම එන්නත මිනිසුන් සම්බන්ධයෙන් අත්හදා බැලීම ද අවසන් කර ඇති බව සඳහන් වේ. ඉක්මනින් එන්නතක් සමාජයට හඳුන්වා දීම සඳහා රටවල් රැසක් විශාල තරගයක නිරතව සිටින බව රහසක් නොවේ. පසුගිය දා ඉන්දියාවද පවසා තිබුණේ අගෝස්තු 15 වන විට එන්නතක් හඳුන්වා දෙන බවයි.   සහන් වික්‍රමගේ
 

More News..