brand logo

රුසියානු ජාතිකයාට කොවිඩ් නෑ

26 September 2020

කොවිඩ් 19 ආසාදිත බවට පෙරේදා (24) හඳුනාගැනුණු රුසියානු ජාතිකයාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට අවසානයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. ඒ හම්බන්තොට මහ රෝහලේ දී සිදුකළ දෙවැනි කොවිඩ් පරීක්ෂණයෙන්ද ඔහු අසාදිතයෙකු නොවන බවට අද හඳුනා ගැනීමත් සමගය. කෙසේ නමුත් මෙම ගුවන් කාර්ය මණ්ඩලය නවාතැන් ගෙන සිටි මාතර හෝටලය කොවිඩ් මර්දන කාර්ය පටිපාටිය මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවත්, රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථාන තිබියදී ඔවුන් හෝටලයකට යොමු කිරීම පිළිබඳවත් විමර්ශනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
 

More News..