brand logo

රුසියානු ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

16 January 2020

සමස්ත රුසියානු ආණ්ඩුව ඉල්ලා අස් වී ඇත. රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වෙදෙව් එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ඊයේ (15 වැනිදා) මේ බව නිවේදනය කළේය. රුසියානු ආණ්ඩුව විසුරුවා හැරෙන බව නිවේදනය කෙරුණේ ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් එරට ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුවය. රුසියානු ජනාධිපතිවරයා යෝජනා කර ඇත්තේ ජාතික මට්ටමේ ඡන්ද විමසීමක් ඔස්සේ දැනට ජනාධිපතිවරයා සතුව පවතින විධායක බලතල පාර්ලිමේන්තුව වෙත හුවමාරු කෙරෙන ක්‍රමයකි. ජනාධිපතිවරයාගේ යෝජනා පිළිබඳව අදහස් පළකරන අගමැති මෙද්වෙදෙව් පවසන්නේ මෙය බලය තූළනය කිරීම සඳහා රුසියාව විසින් ගත් අද්විතීය තීරණයක් බවයි. ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රකාශ කර ඇති නමුත් ජනාධිපති පුටින් විසින් අගමැතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත්තේ කුමන පදනමකින්ද යන්න මෙතෙක් පැහැදිළි නැතැයි විදෙස් මාධ්‍ය ආයතන ප්‍රකාශ කරයි. නයන තරංග ගමගේ
 

More News..