brand logo

රුවන්පුර අධිවේගයේ වැඩ අද සිට ඇරැඹේ

07 May 2021

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව තාක්ෂණය භාවිත කරමින් අද (07දා) අරලියගහ මැදුරේ සිට අගමැති මහින්ද රාජක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. ඉදිකිරීමට යෝජිත රුවන්පුර මාර්ගය කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී ඉංගිරිය, රත්නපුර හා පැල්මඩුල්ල දක්වා ඉදිකෙරේ. මෙහි සම්පූර්ණ දුර කිලෝමීටර් 73.9කි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රටක අභිවෘද්ධිය වෙනුවෙන් මාර්ග පහසුකම් ඇතිකර රටේ මහජනතාව වෙත ලබාදීම පවතින රජයේ වගකීම බව මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
 

More News..