brand logo

රුවන්ගේ කමිටුවට රනිල් හරස් වී‍මෙන් එජාපයේ අර්බුද

17 May 2019

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත්කළ රුවන් විජයවර්ධන කමිටු වාර්තාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට ඇත. එහෙත් එම වාර්තාව ක්‍රියාත්මක කිරී‍මේ කටයුතු අත්හිටුවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ කටයුතු කිරීම නිසා එජාප අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබේ. පක්ෂය තුළ ඉහළ තනතුරු රහස් ඡන්දයකින් පිරවිය යුතු බවට රුවන් විජයවර්ධන කමිටුව සිය වාර්තාව මගින් නිර්දේශ කොට ඇතත් එම නිර්දේශ එජාප නායකයා මැදිහත් වී‍මෙන් ක්‍රියාත්මක නොකිරීම නිසා එජාප නායකයන්ට තමන් පක්ෂය තුළ කවුරුන්දැයි තක්සේරුවක් නොමැතිකමින් එවැනි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එජාප පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම චෝදනා කරති. රුවන් විජයවර්ධන කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම නිසා එජාප අභ්‍යන්තරයේ මතුවී ඇති ගැටුම් හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහාද බලපෑමක් එල්ල වී ඇති බව ප්‍රකාශ කළ ගාල්ල දිස්ත්‍රික් එජාප පා.ම. බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා මෙම හේතුව නිසා එජාප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පක්ෂ නායකත්වයෙන් පරිබාහිර අලුත් මුහුණක් ඉදිරිපත් වීමට ඉඩ ඇතැයි එජාප පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම විශ්වාසය පළ කරන බවද පැවසීය. රංජිත් ගුණවර්ධන
 

More News..