brand logo

රුමේනියානුවන්ට පාන් සැදූ ලාංකිකයන්ට විරුද්ධව උද්ඝෝෂණ

04 February 2020

මධ්‍යම රුමේනියවේ ඩිත්‍රව් නගරයේ පිහිටි පාන් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් සහ ග්‍රීක පූජකවරයෙකු දැක්වූ විරෝධය මත පාන් නිශ්පාදන ක්‍රියාවලියෙන් ඉවත් කොට වෙනත් අංශයක් වෙත යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගියදා (02) එම පූජකයා සහ ජනතාව එක්ව එම සේවකයන් දෙදෙනා සේවයේ යෙදවීමට විරෝධය පාමින් උද්ඝෝසණයක් කළ අතර ඊට හේතු ලෙස පෙන්වා දෙමින් ඔවුන් කියා සිටියේ මෙකී සේවකයන් විසින් ස්පර්ශ කරන ලද පාන් වලට ඔවුන් අකමැති බවත් මොවුන්ගේ පැමිණීම තවත් සංක්‍රමණිකයන්ගේ ගලා ඒමට හේතුවනු ඇති බවත්ය. ඒ අනුව මෙම සංක්‍රමණ නැවැත්වීම සඳහා ජනමත විචාරණයක් සංවිධානය කරන ලෙස ගම්වාසීන් පළාත් පාලන ආයතනවලින් ඉල්ලා ඇත. කෙසේ නමුත් එරට බලධාරීන් සහ දේශපාලන නායකයින් මේ සඳහා ප්‍රතිචාර දැක්වීමට එතරම් උනන්දු නොවී ඇති නමුත් අදාළ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගියදා නගරවාසීන් රැස්ව ඇත. එහිදී පාන් කම්හලේ හිමිකරුවන්, ඔවුන් පාන් නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවත් කර වෙනත් ක්‍රියාවලියකට යන බව ප්‍රකාශ කළහ. එමෙන්ම කිසියම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඒ සඳහා ජනතාවගෙන් සමාවද අයැද සිටියේය. කෙසේ වෙතත් මෙම ශ්‍රමිකයින් දෙදෙනා ආරක්ෂා කිරීම සඳහා කම්හල් හිමියන් විසින් බොහෝ උත්සහ කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබේ. තවද පාන් කර්මාන්තශාලාවේ හිමිකරුවන් දේශීය සේවකයින් හිඟතාව මත විදේශීය ශ්‍රමිකයන් ගෙන්වා ගත යුතු බවද අවධාරණය කළහ. මේ අතර ප්‍රදේශවාසීන් විදෙස් මාධ්‍යවලට ප්‍රකාශ කර ඇත්තේ මෙකී ශ්‍රී ලාංකිකයින් ජාතිවාදීන් නොවන නමුත් සංක්‍රමණිකයන් වැඩි වශයෙන් පැමිණිය හොත් එහි නිවාස වෙනත් වර්ණයන්ගෙන් යුත් ජනතාවගෙන් පිරී යනු ඇති බවයි. එපමණක්ද නොව කොරෝනා වෛරසය පවා පැතිර යා හැකි බවට ඔවුන් පෙන්වා දී තිබේ. කෙසේ නමුත් තත්ත්වය පිළිබඳව කිසිදු තැකීමක් නොකළ හංගේරියානු ඩිමොක්‍රටිකයින් (යූඩීඑම්ආර්) මෙම විරෝධතා ව්‍යාපාරය විවේචනය කළ බව මාධ්‍ය පවසයි. තවද ශ්‍රී ලංකා කම්කරුවන්ට එරෙහි විරෝධතාවන්ට නායකත්වය දුන් පූජකයාට කිසිදු ආකාරයකින් එසේ කිරීමට අයිතියක් නොමැති බව ප්‍රදේශයේ ප්‍රමුඛ ග්‍රීක-කතෝලික පල්ලියේ අධිකාරිය ද උපුටා දක්වමින් කියා සිටී. මේ අතර, නගරය තුළ වෛරය පාදක කොට ගත් උසිගැන්වීම් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත. මෙම සිද්ධිය පාදක කොට ගනිමින් ඩිත්‍රව්හි පදිංචිකරුවන් විදේශීය ශ්‍රමිකයින් පැමිණීමට විරෝධය දැක්වීම සඳහා 2500 ක් පමණ පරිශීලකයින් ප්‍රමාණයක් එක් කරගනිමින් ෆේස්බුක් කණ්ඩායමක්ද නිර්මාණය කර තිබේ. ශිරන්තනි මානවඩු https://youtu.be/baMLp11gr50
 

More News..