brand logo

රුපියල බාල්දු වී ඇත්තේ ඩොලර් යුරෝ හා යෙන්වලට සාපේක්ෂව පමණි

01 April 2020

මේ වන විට රුපියලේ අගය අවප්‍රමාණය වී තිබෙන්නේ ඇමරිකානු ඩොලරය, යුරෝ සහ සහ ජපාන යෙන්වලට සාපේක්ෂව පමණක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්‌යේෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. කොරෝනා වෛරසය පැතිරීමත් සමග ස්ටර්ලින් පවුම, කැනේඩියානු ඩොලරය, ඕස්ට්‍රේලියානු ඩොලරය, සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව මෙරට රුපියල අතිප්‍රමාණය වී ඇත. මෙම වසරේ ජනවාරි මෙන්ම මාර්තු මාසයේ පළමු සතිය දක්වා රුපියල පුළුල් ලෙස ස්ථාවරව පැවැති බව මහ බැංකුව ප්‍රකාශ කරයි. එහෙත් කොරෝනා වෛරසය පැතිරීමත් සමග පසුගිය 30 දා වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 4.7 කින් අවප්‍රමාණය වී ඇතැයිද මහ බැංකුව පවසා සිටී.   අජිත් අලහකෝන්
 

More News..