brand logo

රුපියල තවත් පහළට

31 August 2021

ඇ. ඩොලරයක විකුණුම් මිල රු. 204 ඉක්මවයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (31) නැවත වරක් රුපියල් 204 සීමාව ඉක්මවා පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 204.89ක් ලෙස සටහන් වූ බවයි.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල අද දිනයේ රුපියල් 198.90ක් ලෙස වාර්තා වී ඇත. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙරට ඉතිහාසයේ පළමු වරට ඉකුත් අප්‍රේල් මාසයේ දී රුපියල් 204 සීමාව ඉක්මවා පහළ ගියේය. මේ අතර ජනවාරි 1 වැනි දා සිට අගෝස්තු 27 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.8කින් අවප්‍රමාණය වී ඇත.
 

More News..