brand logo

රුපියල ටිකක් ශක්තිමත් වෙයි

31 January 2019

2019 වසරේ ජනවාරි මස 31 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.6 කින් අතිප්‍රමාණය වී ඇත. ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වන අතර මෙහිදී අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ හා ඉන්දියානු රුපියලට සාපේක්ෂව ද අතිප්‍රමාණය වූ අතර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇත. පසුගිය වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 16.4 කින් අවප්‍රමාණය වූ අතර අනෙකුත් ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂවද අවප්‍රමාණය වූ බව මෙම වාර්තාවේ සඳහන් වෙයි.
 

More News..