brand logo

රුපියලේ බාල්දුවට එරෙහිව දකුණු පළාත් සභාවට බාල්දියක්

25 September 2018

ගාල්ල කලේගාන දකුණු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී අද (25වැනිදා) රැස් වූ දකුණු පළාත් සභාව ආරම්භයේ දීම උණුසුම් මුහුණුවකර ගත්තේ එජනිස මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයක් නිසාය. මන්ත්‍රීවරු පළාත් සභාවට පිවිසෙන මාර්ගයේ පෝස්ටර්, බැනර් කටවුට් ආදිය රැගෙන උද්ඝෝෂණය කළ අතර දකුණු පළාත් සභා මන්ත්‍රි චන්න සාලිය සභාව ඉදිරිපිටට පැමිණියේ  බාල්දියක්ද අතැතිවය. රුපියල අව ප්‍රමාණය වීමට විරුද්ධව බාල්දියක් රැගෙන ආ බව ඒ මහතා පැවසීය. රුපියල බාල්ලු වෙලා විතරක් නොවෙයි, බාල්දියටම වැටිලා. හෙට අනින්දා පොල් කටුවටම වැටෙනවා. බිමට,පැදුරටම වැටෙනවා කියූ මන්ත්‍රීවරයා පොලිස්පති බාල්දුවීම, ආණ්ඩුව බාල්ලු වීම, මුදල් ඇමති බාල්ලු වීම, ක්‍රිකට් බාල්දු වීම සිදු කර තියනවායැයි කියමින් දිගින් දිගටම උද්ඝෝෂණය  කරන අතරතුර බද්දේගම සමිත හිමියෝද එයට එක් වූහ. මේ අතර තවත් එවන් පෙළ පාලියකින් දකුණු පළාත් සභා මන්ත්‍රී සම්මු ආරියවංශ, ඒ.ජී.සී. පියසිරි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්, තෙල් බැරල්, හා ගෑස් සිලින්ඩර් රැගෙන පැමිණීමත් සමග උද්ඝෝෂණය තව තවත් දැඩි වූ අතර, මන්ත්‍රීවරු සියලු දෙනාම යහපාලන ආණ්ඩුවට දැඩි ලෙස දොස් පැවරූහ.  
 

More News..