brand logo

රු. 5000 දීමනාව මුලින්ම සමෘද්ධිලාභී පවුල්වලට

12 April 2021

අලුත් අවුරුද්ද නිමිත්තෙන් රජයෙන් ලබාදීමට තීරණය කර තිබූ රු. 5000 දීමනාව ප්‍රථමව සමෘද්ධිලාභී පවුල්වලට ලබාදීමට කටයුතු කළ බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. සමෘද්ධි පවුල්වලට අමතරව අඩු ආදායම්ලාභී,වැඩිහිටි දීමනා ලබන පවුල් ඇතුළු කාණ්ඩ 7කට අයත් අඩු ආදායම් ලාභීනට රුපියල් 5000 දීමනාව ලබාදෙන බව රජය ප්‍රකාශ කර තිබුණි. කෙසේ නමුත් දැනට මුදල් ප්‍රතිපාදන සපයා ඇත්තේ සමෘද්ධි ලාභී පවුල්වලට ගෙවීම සඳහා පමණක් බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සඳහන් කරයි.  
 

More News..