brand logo

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ගෙන් දැනුම් දීමක්

18 April 2021

රජය මගින් සිංහල අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලබාදුන් රුපියල් 5,000 දීමනාව මෙතෙක් ලබා නොගත් සුදුසුකම් ලත් පිරිස් සඳහා හෙට (19) සිට ලබා ගත හැකි බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කරයි. ඔහු වැඩි දුරටත් සඳහන් කරනු ලැබුයේ ලබන සතියේ මුල් දින කිහිපය වන විට රුපියල් 5,000 දීමනාව ලබා දීම අවසන් කිරීමට හැකිවනු ඇති බවකි. සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා, " මේ මොහොත වෙනකොට අපිට පෙනීගොස් තිබෙනවා ලක්ෂ 23කට වැඩි පිරිසකට මෙම ආධාර මුදල් ලැබිලා තිබෙනවා කියන එක. අපි විශ්වාස කරනවා සම්පූර්ණයෙන්ම සඳුදායින් පසුව එළඹෙන දින දෙක තුන ඇතුළත ඒ සියලුදෙනාගෙත් දීමනාවන් ගෙවා අවසන් කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන අරමුදල් අපි දැනටමත් සමෘද්ධි බැංකුවලට යවලා තියෙනවා. එහෙම නැත්නම් අපි ඉල්ලීම් කරලා තියෙනවා හරියට ම ඒ තහවුරු කරපු ලේඛන අපි වෙත ඉදිරිපත් කරලා අවශ්‍ය මුදල් නැවත තම තමන්ගේ බල ප්‍රදේශවලට ලබා ගන්න කියලා,"
 

More News..