brand logo

රුපියල් 35,000ක තේ කෝප්පයේ රස

21 July 2019

‘‘තේ පැන් දින දින වැඩි වැඩියේ බීමෙන් සිරුරට සැප වැඩිවේ’’ මේ ගීතය මෑත කාලයේත් ඉඳහිට ඇහෙන ගීතයකි. අප කුඩා කාලයේ ප්‍රධාන අපනයන මොනවාදැයි ඇසූ විට අපි ගිරවුන් මෙන් කිව්වේ තේ, පොල්, රබර් කියාය. එහෙත් අද අපට නිශ්චිතවම පැවසිය හැක්කේ අපනයනාභිමුඛව හෝ ආනයන ආදේශක කර්මාන්ත කලින් රටට එන තේ ආදායමට තිබූ තත්ත්වය යම් අර්බුදයකට පත්වී ඇති බවයි. එවැනි වකවානුවක එංගලන්තයේ ඩේලි මේල් පුවත්පත ලංකාවේ තේ ගැන අමුතුම ප්‍රවෘත්තියක් පළ කිරීම ලොව පුරා පැතිර ගියේ තත්පර කිහිපයකිනි. එංගලන්තයේ ඩේලි මේල් පුවත්පත වාර්තා කරන ලද්දේ ලංකාවෙන් ගෙනා ‘සිලෝන් ටී’ අතර ඇති ගෝල්ඩන් ටිප්ස් ටී තේ කෝප්පයක් රුපියල් 35,000 කටත් වඩා අධික මිලකට ලන්ඩනයේ අවන්හලක අලෙවිවන බවය. මේ හෝටලයේ නම ‘රූබන් ඇට් ද පැලස්’ ය. මෙය පිහිටා ඇත්තේ බකිංහැම් මාලිගාව ආසන්නයේමය. එහෙත් මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියූ මහින්ද රාජපක්ෂගේ රත්තරන් අස්සයන් සිටි ඇමෙරිකාවේ බකිංහැම් මාලිගාව නොවේ. මේ එංගලන්තයේ බකිංහැම් මාලිගාවය. [caption id="attachment_37205" align="alignleft" width="500"] බකින්හැම් මාලිගාව[/caption] ඩේලිමේල් වාර්තාව අනුව මෙම හෝටලයේ ඇත්තේ ‘‘ගෝල්ඩන් ටිප්ස් ටී’‘ යැයි කියූ විට එරට තේ ගැන වැඩි උනන්දුවක් නැති පිරිසට එය තේරුම් ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය. අපේ ඌරුවට ටිකක් හෝ හුරු තේ වර්ග වන්නේ බීඕපී (BOP) හෝ ලිප්ටන් වැනි තේ වර්ගය. ලිප්ටන් නම මෙරට පොදු ජනතාවට වඩාත් සමීප කළේ මෙරට විරෝධතාකරුවන් විසිනි. ලිප්ටන් වටරවුමේ පැවැත්වෙන සිසු උද්ඝෝෂණ, විරෝධතා හේතුවෙන් ලිප්ටන් තේ වර්ගයක වෙළෙඳ නාමයක් යන කරුණ යටපත් වී ඉබ්බන්වල හන්දිය, ඉඟුරුකඩේ හන්දිය වැනි චිර ප්‍රසිද්ධ හන්දික් බවට පත් විය. ලන්ඩන් නුවර අපේ ගෝල්ඩන් ටිප්ස් ටී ජනප්‍රිය වුවත් මෙරට වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙන ප්‍රධානතම තේ වර්ග 3 කි. ලංකාවේ මුහුදු මට්ටමේ සිට අඩි 2000 ට අඩු පහත ප්‍රදේශවල වැවෙන තේ හැඳින්වෙන්නේ පහත රට තේ (Low Grown) ලෙසය. අඩි 2000 -4000 ත් අතර තේ මධ්‍ය තලයේ තේ (High &Medium) ලෙස හැඳින්වේ. අඩි 4000 ට වඩා උස ඵ්‍රදේශවල හැදෙන තේ උඩරට තේ (Hgih Growth) ලෙස හැඳින්වේ. ලංකාවේ උඩරට, පහතරට, මතුරට කොයි වෙනසත් වන්නේ තේවල ඇති ගතිගුණ අනුව කරන වර්ගීකරණය කෙරෙන විටය. සුද්දා ලංකාවට තේ හඳුන්වා දී සියවස් ගණනාවක් ගත වුණත් තවමත් මේ තේ ප්‍රභේදවලට සිංහල නම් නිශ්චිතව තබා නැත. මේ තේ වර්ගීකරණය පිටකොටුවේ හෝ තොග වෙළෙඳපොළේ දක්නට ලැබෙන්නේ Dust - tea, Fanning tea හා Bop tea ලෙසය. මෙයින් මෙරට වෙළෙඳපොළ තුළ වඩාත් ජනප්‍රිය Dust Tea නොහොත් හොටෙල් ඩස්ට් ටීය. මේ නමින් හැඳින්වෙන්නේ තේ කොළවල පුංචි කැබලි හා තේ කොළ කැබලි කිරීමේදී ඉවත්වන ඉතා සියුම් කොටස්ය. එහෙත් පසු කාලීනව තේකොළ නිපදවීමේදී ඉවත් කෙරෙන තේ නැටිද එකතු වී ‘‘කසළ තේ’ ලෙස අලුත්ම ප්‍රභේදයක් බිහිවිය. සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ හෝටල් ඩස්ට් ටී කිලෝවක් පිටකොටුවේ රුපියල් 185-250 ක් අතර මිලදී ගත හැකිය. එමෙන්ම Bop යනුවෙන් හැඳින්වෙන්නේ Broken Orange Peakoe යන ප්‍රභේදයයි. අප මුලින් හුවා දැක්වූ ‘ගෝල්ඩන් ටිප්ස් ටී’ මේ අතර ඇතිදැයි ඔබටද ප්‍රශ්නයක් පැන නැගිය හැකිය. එංගලන්තයේ මේ කියන ගෝල්ඩන් ටිප්ස් ටී මෙන්ම තවත් තේ වර්ගයක් සාමාන්‍ය වෙළෙඳපොළේදී දකින්නට ලැබෙන්නේ නැත. අනෙක් තේ වර්ගය සිල්වර් ටිප් තේ (Silver tip tea) ය. මේ තේ බොහෝ විට තේ වෙන්දේසිවලත් දක්නට ලැබෙන්නේ කිලෝවක් හෝ දෙකක් වශයෙනි. එංගලන්තයට මේ කියන ගෝල්ඩන් ටිප්ස් ටී වැනි අධිමිල තේ වර්ග සැපයෙන්නේ වෙන්දේසි මගින් හෝ තේ බ්‍රෝකර්වරු හරහාය. බොහෝ විට කෙරෙන්නේ එංගලන්තයට මේ ගෝල්ඩන් ටිප්ස් තේ සපයන බ්‍රෝකර් ආයතන තේ වතුවලටම ගොස් සාම්පල් ගෙන මිල ගණන් ඉදිරිපත් කිරීමය. මේ ආයතනවල ඇති අත්දැකීම් බහුල තේ රස බලන්නන් (Tea Taster) කරන නිරේදේශ මත මිල නියම කිරීම සිදු වේ. ගෝල්ඩන් ටිප්ස් ටී සඳහා යොදාගන්නේ විශේෂිත තේ ප්‍රභේදයක ඉත්තක ඉහළම තැන ඇති කුඩා දල්ලය. මෙයින් ග්‍රෑම් 100 ක් සඳහා අක්කර ගාණක තේ යායකුත් මදිය. ගෝල්ඩන් ටිප්ස් ටී ඇති ෂොප් එකක එහි මිල ගණන් කියන්නේ ග්‍රෑම් 1 ක් සඳහා වීම විශේෂත්වයකි. [caption id="attachment_37206" align="alignright" width="500"] රිදී කැටයමින් නිම වූ තේ පෝච්චි[/caption] එංගලන්තයේ මේ අධික මිලකට අලෙවිවන ගෝල්ඩන් ටිප්ස් ටී නිෂ්පාදන ක්‍රියාවලියේ පිරිවැය අඩු කරන ක්‍රමවේදයක් ජනක ගුණවර්ධන නමැත්තෙකු 2018 දී සොයා ගන්නා ලදී. එහිදී ඔහු එම ක්‍රියාවලිය හඳුන්වන්නේ මෙසේය. ‘‘ගෝල්ඩන් ටිප්ස්, සිල්වර් ටිප්ස්, වයිට් ටී මිල අධික තේ නිෂ්පාදනය වේ. Bop, Bofe යන ප්‍රභේදවලින් වෙනස් වේ. හේතුව මුලින් සඳහන් කළ ප්‍රභේද ග්‍රීන් ටී කාණ්ඩයට අයත් වීමය. යාන්ත්‍රිකකරණය නිෂ්පාදනය සඳහා යොදා ගනී. නමුත් Golden Tips සඳහා යාන්ත්‍රිකව තනි තේ කොළය ගෝලාකාර ලෙස ඔතා (යාන්ත්‍රිකව) අව්වේ හෝ මඳ උෂ්ණත්වය යටතේ විජලනයට ලක් කරයි. Bop හෝ Bofe හා ඊට පසු ප්‍රභේද නිෂ්පාදනය කරනුයේ ඒ තේ දල්ල ඇඹරීමකට ලක් කරලයි. එහිදී තේ කොළයේ අැති සෛල බිත්ති එකිනෙක කඩා එකිනෙක වෙන් වූ සෛලවල අැති එන්සයිම මිශ්‍රකරන අතර ඔක්සිජන් හා ගැටී ඔක්සිකරණය වීම මත තේ කහට යන වර්ණකයන්ගෙන් සමන්විත තේ කුඩු කියන නිෂ්පාදනය ලැබේ. එය පාරම්පරික මෙන්ම වර්තමානයේද තේ නිෂ්පාදනය කරන ක්‍රියාවලිය වේ. ඩේලිමේල් පවසා ඇත්තේ බකිංහැම් මාලිගාව දොරකඩටම ඇති ද රූබන් ඇට් ද පැලස් හෝටලයේ ලෝකයේ අැති එංගලන්තයේ මිල අධිකම තේ පෝච්චියක අලෙවි මිල ස්ටර්ලින් පවුම් 500 ක් බවය. පසුගිය සිකුරාදා ස්ටර්ලින් පවුමක ලංකාවේ වටිනාකම රුපියල් 220.06 ක් විය. ඒ අනුව සිකුරාදා තේ පෝච්චියක මිල ලංකාවේ මුදලින් රුපියල් 110,300/ කි. ඩේලිමේල් පුවත්පත පවසන්නේ මේ තේකොළ පැහැයෙන් සුදු පැහැයක් ගන්නා බවය. මේ රාජකීය තේ පෝච්චියේ ඇති තේ කෝප්ප ගණන තුනකි. ඒ කියන්නේ මේ තේ එක කෝප්පයක මිල රුපියල් 36,000 කට අධිකය. මේවා පිළිගන්වන්නේ මුළුමනින්ම රිදියෙන් වැඩ දැමූ භාජන හා තැටියක තබා බැවින් ‘රාජකීය තේ කෝප්පයක්’ බොන විට ඇති සම්භාවනීය ස්වරූපය ගැන අමුතුවෙන් වටහා දිය යුතු නැත. ද රුබන් ඇට් ද පැලස් හෝටලය පවසා ඇත්තේ ගෝල්ඩන් ටිප්ස් ටී තේ තොලගෑමෙන් පසු එහි නියම වින්දනයක් ලැබීමට ආහාරයට එක්කර ගත යුත්තේ Baked scones, Pastry, Finger Sandwiches උණු උණුවේම බවය. ඔවුන් පවසන්නේ මුලින් කළ යුත්තේ මේ අධිමිල තේ වර්ගය තොල ගාමින් සෙමින් පානය කිරීම බවය. මේ ගෝල්ඩන් ටිප්ස් තේවල ඇති විශේෂත්වය වන්නේ එහි සාරය තුන්වරක් රස තුනකින් විඳීමට හැකියාව ඇති බවය. මේ අවස්ථා තුනේදී මෙම තේ විශේෂයෙන් හමන සුවඳ එකකට එකක් වෙනස් ස්වරූපයක් ගනී. නමුත් අවසානයේ අපට කිව හැකිව ඇත්තේ මුළු ලෝකයටම තේ යන රටේ අපට තවමත් මේ තරම් ‘මිල අධික’ තේකක රස බලන්නට අවස්ථාව ලැබී නොමැති බවය. අපේ සාමාන්‍යයෙන් තේ කඩයකින් හෝටලයකින් ගන්නා තේකට සීනි හැඳි තුන හතරක් දමා ගැනීම අපේ පුරුද්දය. එහෙත් මේ ගෝල්ටන් ටිප්ස් ටී පානයේදී බොහෝ දෙනා සීනි භාවිතය ප්‍රතික්ෂේප කරන්නේ නියම රසයට හානියක් වන නිසාය. එංගලන්තයේ අධිමිල තේ කෝප්පයක් බීමට නොහැකිව සුසුම් හෙළනවාට වඩා අප බලාපොරොත්තු තබාගත යුත්තේ නුදුරු අනාගතයේදීවත් ලංකාවේදී ෆිනෑන්ස් පහසුකමක් මත හෝ මෙවැනි තේ කෝප්පයක රස විඳීමට නොවේද? වජිර ලියනගේ    
 

More News..