brand logo

රුපියල් 20 කාසි මිලියන 5ක් ලබන 3වනදා සිට සංසරණයට

25 February 2021

ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් සංසරණය සදහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කර තිබේ. මෙහි පළමු සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි නිල වශයෙන් පිළිගන්වන ලදී. කාසියේ මුහුණතෙහි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගොඩනැගිල්ල පිළිබිඹු කරන අතර, "70" යන්න විශාල ඉලක්කමින් කාසිය මධ්‍යයේ දැක්වේ. කාසියේ පිටුපස "20" විශාල ඉලක්කමින් සහ "රුපියල් විස්සයි" යන වචන සිංහළ, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් ද "2020" වර්ෂය එම වචන වලට පහළින් ද කාසියේ පිටුපස දැක්වේ. නිකල් ආලේපිත කාසිය පැති 7ක් සහිත වන ලෙස නිෂ්පාදනය කර තිබේ. ඒ අනුව රුපියල් විස්සේ මිලියන 5ක කාසි මාර්තු මස 03 වැනි දින සිට සංසරණයට නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇත.
 

More News..