brand logo

රුපියල් කෝටි 23 නොදුන්නොත් ධීවර සංස්ථාවට නීති පියවර - මාළු සපයන වෙළෙන්දෝ කියති

13 July 2019

සිය මාළු තොග සඳහා ලබා දිය යුතු රුපියල් කෝටි විසි තුනකට ආසන්න මුදල ඉදිරි සති දෙක ඇතුළතදී නොලැබුණහොත් ධීවර සංස්ථාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වෙළෙන්දෝ පවසති. ධීවර සංස්ථාවේ නව සභාපති කීර්ති මුණසිංහ හඳුන්වා දුන් නව ව්‍යාපෘතියක් යටතේ මාළු මිලදී ගැනීම නිසා පාරිභෝගිකයන්ට මාළු කිලෝවක් සඳහා රුපියල් 60ත් 100ත් අතර වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවී ඇති බව සංස්ථාවට මාළු සපයන වෙළෙන්දකු වන දකුණු පළාත් හිටපු ඇමැති ඩී.වී. උපුල් සඳහන් කරයි. තමන් පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී සංස්ථාවට සැපයූ මාළු සඳහා රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් අය කිරීමට තිබෙන බවද හෙතෙම පැවසීය. තමන්ට ලැබිය යුතු මුදල ඉදිරි සති දෙක ඇතුළතදී ගෙවීමට කටයුතු කරන බවට සභාපතිවරයා දකුණු පළාතේ මාළු සපයන්නන්ට දැනුම් දුන්නද එම ප්‍රකාශය සිදු කර මාස දෙකක කාලයක් ගත වී ඇතැයිද ඔහු කීවේය. මේ පිළිබඳව ධීවර සංස්ථාවේ සභාපති කීර්ති මුණසිංහගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ රුපියල් කෝටි විසිහතකට ආසන්න හිඟ මුදල ගෙවීමට ඇත්තේ 2015 වසරේ සිට බවයි. රංජිත් ගුණවර්ධන
 

More News..