brand logo

රුපියල් කෝටියක් වටිනා හෙරෝයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

31 December 2019

රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු හෙරෝයින් කිලෝග්රැම් එකක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු ඊයේ(30) රාත්‍රියේ වවුනියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව සෙට්ටිකුලම පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ කොළඹ සිට මන්නාරම දක්වා ‍ගමන්ගත් බස් රථයක් යුධ හමුදා නිළධාරීන් සමඟ එක්ව පරීක්ෂා කිරීමේදී සැකකරු හෙරෝයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් බවයි. කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගත් බැව්ද පොලිසිය පැවසීය. සැකකරු ජාවාරම්කරුවෙකුගෙන් හෙරෝයින් තොගය ලබාගෙන මන්නාරම ඇතුළු ප්‍රදේශයන්ගේ බෙදා හැරීමට රැගෙනයමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලිසිය සදහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු හා හෙරොයින් තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර මහතා ඇතුළු නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..