brand logo

රුපියල් කෝටියක් වටිනා හෙරොයින් සොයාගනී

16 June 2021

කහතුඩුව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය අද (16) සිදුකළ වැටලීමකදී රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සොයා ගැනීමට සමත්වී තිබේ. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 500ක් සමග 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වෙයි.
 

More News..