brand logo

රුධිරය කල්තබා ගන්නා රසායන ද්‍රව්‍ය හිඟයක්

02 June 2020

රුධිරය වර්ග කර කල් තබා ගැනීම සඳහා අවශ්‍ය ‘‘කුමීස්’’ නම් රසායනික ද්‍රව්‍ය ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව ඇත්තේ සති දෙකක කාලයකට පමණක් බව එහි ආරංචි මාර්ග පැවැසීය. මෙම රසායනික ද්‍රව්‍ය ප්‍රමාණවත් තරම් ලබා දෙන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෛද්‍ය සැපයුම් අංශයට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දී ඇතත් මෙතෙක් එම ද්‍රව්‍ය ගෙන්වා නොමැත. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ යුරෝපා රටවලින් මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කළ යුතුය. මේ පිළිබඳව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ නිලධාරීන් කරුණු හෙළි කර තිබේ. මෙම සතිය අවසන් වීමට ප්‍රථම කුමීස් රාසායනික ද්‍රව්‍ය කඩිනමින් ගෙන්වා දෙන ලෙස ඇමැතිවරිය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. උදයජීව ඒකනායක
 

More News..