brand logo

රිෂාඩ් හිරගෙදර සැප ඉල්ලයි

15 September 2021

දොස්තර ළඟ රත්වෙච් රිෂාඩ්ට රස්නේ දරාගන්න බැරි වෙයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් තමන් රඳවා සිටින සිර මැදිරියට විදුලි පංකාවක් ලබාදෙන ලෙසට ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වේ. මන්ත්‍රීවරයා මේ වන විට මැගසින් බන්ධනාගාරයේ විශේෂ ඝණයේ වාට්ටුවක වෙනම සිර මැදිරියක රඳවා ඇති අතර, එම සිර මැදිරිය තුළ රස්නය වැඩි බව ඔහු විසින් දන්වා ඇත. මේ හේතුවෙන් විදුලි පංකාවක් ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා එම ලිපියෙන් ඉල්ලා ඇත. බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව මන්ත්‍රීවරයාට විදුලි පංකාවක් ලබාදෙන ලෙසට මේ දක්වා කිසිදු ප්‍රකාශය කර නොමැත.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මීට පෙර සිර මැදිරිය තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීමේ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකි.

එම සියලු කාරණා සැලකිල්ලට ගනිමින් මන්ත්‍රීවරයාට විදුලි පංකාවක් ලබානොදීමට තීරණය කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
 

More News..