brand logo

රිෂාඩ් - හකීම්ට කැමතියි ලු

28 December 2019

මහ මැතිවරණය සම්බන්ධයෙන් වන සූදානම්වීම් අතර ‘මුස්ලිම් බලය එකම තැනකට ගොනු කිරීමේ’ අරමුණින් පැවැත්වුණු රිෂාඩ් - හකීම් සාකච්ඡා මේ වන විටත් පල දරා තිබෙන බව දැනගන්නට තිබේ. ඒ අනුව කාලයක් තිස්සේ විරසකව සිටි මේ දෙදෙනාගේ නායකත්වයෙන් යුතු ‘මුස්ලිම් පක්ෂ දෙක’ එළඹෙන මහ මැතිවරණයට ‘එකම සන්ධානයකින්’ තරගවැදීමට සියලුම කටයුතු සූදානම් කර තිබේ. ඒ අර්ථයෙන් ගත් කල එය ‘ඓතිහාසික’ කාරණයක් වන බව ද අමතක කළ නොහැකි ය. කෙසේ වෙතත්, මෙය එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමට එල්ල වන ‘මරු පහරක්’ වන බව ද අමුතුවෙන් කිව යුතු නැත. කෙසේවෙතත් මෙහිදී ඔවුන් දෙදෙනා ‘එක්ව තරගවැදී’ මුස්ලිම් ඡන්ද විශාල ප්‍රමාණයක් ලබාගෙන පසුව එ.ජා.ප.ය සමග සන්ධානගත වීම ගැන ද සලකා බලමින් සිටින අතර එම තීරණය ඔවුන් මේ වන විටත් එ.ජා.ප.යට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
 

More News..