brand logo

රිෂාඩ්ට එරෙහිව මුසම්මිල්ගෙන් පැමිණිල්ලක්

13 February 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ ඇමෙරිකානු ගිණුමකට නීති විරෝධීව මුදල් බැරවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ මහතා සදහන් කළේ 2018 වසරේ ඔක්තෝබර් 26 හා දෙසම්බර් 16 වැනිදින අතර කාලය තුළ එවකට කර්මාන්ත හා වාණිජ අමාත්‍ය මෙන්ම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක ද වූ රිෂාඩ් බදියුදීන් මහතාට අයත් ඇමෙරිකාවේ බැංකු ගිණුමකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් බැරවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. එමෙන්ම තවත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් එම ගිණුමට බැරවීම එක්සත් ජනපදයේ FBI ආයතනය විසින් නතර කළ බවටද අනාවරණය වී ඇති බව මුසම්මිල් මහතා පෙන්වා දෙයි. රිෂාඩ් බදියුදීන් මහතාට ගෙවී ගිය කාලය තුළ එල්ලවී ඇති බරපතල චෝදනා සහ ඔහුට එරෙහිව සිදු කෙරෙන විමර්ශන ආදිය කෙරෙහි අවධානය යොමුකරන විට ඉහත මුදල් ගණුදෙනුව පිළිබදව තමන්ට බරපතල සැකයක් ඇති බව ඔහු සදහන් කරයි. මෙම චෝදනාව පිළිබදව කඩිනමින් නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..