brand logo

පාර්ලිමේන්තුව නොසන්සුන් වෙයි - හෙට දක්වා කල් තැබේ

22 May 2019

පාර්ලිමේන්තුව හෙට (23) පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. ඒ, අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව ඇතිවූ මත ගැටුමක් හේතුවෙනි. අද දිනම ඒ සදහා දිනයක් ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටි අතර, ඒ අවස්ථාවේ කථානායකවරයා සඳහන් කළේ හෙට දිනයේ (23) පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ පිළිබඳව තීරණය කළ හැකි බවයි. එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැක්වූ විරෝධතාවයත් සමග සභාව කල් දැමීමට කථානායකවරයා කටයුතු කළේය.
 

More News..