brand logo

රිෂාඩ් කියපු කරපු දේ හෙළිවීමට නියමිත බව ඇමති සි.බි කියයි

22 November 2020

  රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා කියපු කරපු දේවල් ඉදිරියේදී තවත් හෙළිවීමට නියමිතව ඇති බවත් ඒ නිසා අධිකරණය හෑල්ලුවට ලක් කොට ජනතාව මුලා නොකොට විල්පත්තුවේ නැවත වන වගා කිරීමට රුපියල් කෝටි 50 ක මුදල ගෙවන ලෙස ඉල්ලා සිටින බව වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද (22) පැවැසීය. රුපියල් ලක්ෂ 80 ක මුදලක් වැය කොට කොත්මලේ, පුඩළුඔය ඉදි කරන ලද සතිපොල භූමිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නගන ලද ගැටළුවලට පිළිතුරු දෙමෙන් ඒ මහතා එසේ කීය. තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා "විල්පත්තුවේ නැවැත පදිංචි කිරීම් සිදු කිරීමේදී එවකට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නීති රොගුලාසි වලට අනුවයි කටයුතු කලේ. උතුරු වසන්තය, නැගෙනහිර වසන්ත වැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් හා මග නැගුම, දිවි නැගුම වැනි කටයුතු සිදු කරමින් තමයි ඒවා සංවර්ධන කලේ. රිෂාඩ් බදුර්දීන්ලා පසුගිය වසර පහේ මොනවද කරලා තියෙන්නේ." "අද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මන්නාරමට යනවා. මිලියන 800 ක් වැය කරලා එහි විශාල ගොඩනැගිල්ලක් හදලා තියෙනවා. ඒක මොනවට හැදුවද ඒකෙන් මොනවද කරන්නේ හිතාගෙන හිටයද කියලා ලගදීම මාධ්‍යයට හෙළි වේවී. ඊගට මිලියන 2000 ක මුදලක් නැවැත පදිංචි කරපු අයට උපකාර කරන්න වැය කොට තිබෙනවා. පසුගිය ආණ්ඩුවෙන් නැවැත පදිංචි කිරීමට මොනවද කරලා තිබුනේ. ඒවාට උත්තර ඉදිරියේදි කියන්න සිදුවේවී. " හැටන් සමුහ - චන්දන ජයවීර
 

More News..