රිෂාඩ්ව අත්අඩංගුවට ගන්න අධිකරණය වරෙන්තු නොදෙයි
13 October 2020
රිෂාඩ්ව අත්අඩංගුවට ගන්න අධිකරණය වරෙන්තු නොදෙයි
13 October 2020
පොදු දේපළ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් ප්රතික්ෂේප කර තිබේ.
අද (13) කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම කළේය.
නඩුව නැවත ලබන ඔක්තෝබර් 27 වැනිදා කැඳවීමට අධිකරණය නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබුණි.
ඒ, මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යෙදවීම සම්බන්ධයෙනි.