brand logo

රිෂාඩ්ගේ විශ්වාසය ගැන ආණ්ඩුවේ හා විපක්ෂයේ ගැටුම්

17 May 2019

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවත් සමග ආණ්ඩුව හා විපක්ෂය අභ්‍යන්තරයේ මත ගැටුම් ආරම්භ වී තිබේ. ආණ්ඩුව නියෝජනය කරනු ලබන කතෝලික මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ එම විශ්වාස භංග යෝජනාවට සහාය පළකර ඔහු ඇමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවටයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ මතය වී ඇත්තේ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට හා රටේ ජාතික ආරක්ෂාව බිඳ දැමූ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවටය. රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව පමණක් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර ඔහු ඇමැති ධුරයෙන් ඉවත් කර ආණ්ඩුව ඉන් බේරීමට සැලසුම් කිරීම පරාජය කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු පැවසීය. එහෙත් ජනාධිපතිවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ රිෂාද් බද්යුදීන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංගයට සහයෝගය ලබාදිය යුතු බවයි.
 

More News..