brand logo

රිෂාඩ්ගේ බිරිඳට සහ මාමණ්ඩියට ඇප

17 September 2021

රිෂාඩ් බදියුදීන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

16 හැවිරිදි දැරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඔක්තෝබර් මස පළමුවැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනෙවිය විසින් අද මෙම නියෝගය ලබා දී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද සහ ඇයගේ පියා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප 02 ක් මත ඔවුන් මුදා හැරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියම කරන ලදි.
 

More News..