brand logo

රිය අනතුරකින් මවක් හා පුතෙකු ජීවිතක්ෂයට

21 October 2022

ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටෙයි

කොළඹ - කුරුණෑගල මාර්ගයේ අලව්ව, වලකුඹුර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තිරෝද රථයේ ගමන් කළ මවක හා පුතෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ පියා හා තවත් පුතෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ දිවුලපිටියේ පදිංචි අවුරුදු 42ක් වන මව හා අවුරුදු 18ක් වන පුතාය. අනතුර සම්බන්දයෙන් ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 

More News..