brand logo

රිය අනතුරකින් තුවාල ලබා රෝහලට ගෙනා දරුවාට කොවිඩ්

06 January 2021

හල්දුම්මුල්ල ප්‍රදේ‍යේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණු 3 හැවිරිදි කුඩා දරුවෙකුට සිදුකර තිබූ PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත. ආසාදිත දරුවා හඳුනා ගැනීමත් සමඟ බදුල්ල මහ රෝහලේ 10 වාට්ටුව අද (06)තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. ආසාදිත දරුවා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ. වාට්ටුවේ සේවය කළ කාර්යමණ්ඩලයට සිය නිවෙස් තුළම ස්වයං නි‍රෝධායනය සඳහා උපදෙස් දී තිබේ. බලන්ගොඩ මිරිස්වත්ත හා පානදුර ප්‍රදේශයේ පදිංචි එකම පවුල්වලට අයත් 13 දෙනෙකු ගමන්ගත් කුඩා වෑන් රථයක් බදුල්ල - කොළඹ මාර්ගයේ ඌවතැන්න ප්‍රදේශයේදී ඉකුත් 4වනදා අඩි 200ක පමණ ප්‍රපාතකයට පෙරළීමෙන් අනතුර සිදු වී ඇත. මෙම අනතුරෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කරතිබූ තුවාලකරුවන් 7 දෙනා අතුරින් මෙම දරුවා පමණක් එළෙස කොවිඩි ආසාදිතයෙකු බවට හඳුනා ගෙන තිබෙන අතර අනතුරෙන් හෝ කොවිඩ් ආසාදනයෙන් දරුවාට බරපතල තත්ත්වයන් නොමැති බව බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. සී. ‍කේ. මාපා මහතා පවසයි. අනෙක් පුද්ගලයින් පිරිසට යළිත් වරක් PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
 

More News..