brand logo

රියැදුරු බලපත්‍ර පැය තුනෙන් අතටම

13 February 2020

රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී මුදල් ගෙවීම දක්වා කාර්යයන් ඉටුවී පැය තුනක් ඇතුළත අයදුම්කරුට එම රියැදුරු බලපත්‍ර ලබාදෙන බව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කොමසාරිස් සමන්ති මිහිඳුකුල පැවසීය. අන්තර්ජාලය ඔස්සේ අයැදුම් කිරීමෙන් අනතුරුව කාර්යාලයෙන් ඒවා පරීක්ෂා කර බලා පැමිණිය යුතු දිනය හා වේලාවන් සඳහන් කර කෙටි පණිවුඩයක් අයදුම්කරුට යොමු කෙරේ. අනතුරුව අයැදුම්කරු පැමිණ මුදල් ගෙවීමෙන් පසු පැය තුනක කාලයක් ඇතුළත රියැදුරු බලපත්‍රය අදාළ පුද්ගලයා අතට පත් කිරීමට කටයුතු සකසා ඇත. යම් ලෙසකින් ලිපිලේඛනවල අඩුපාඩුවක් වුවහොත් නැවත ඒවා නිවැරදි කිරීමට සිදුවන අතර එසේ නොමැති නම් පැය තුනටත් අඩු කාලයකදී බලපත්‍රය ලබාගත හැකි බව කොමාරිස්වරිය කියයි. වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ දින හා වේලාවන් වෙන්කරවා ගත හැකිය. එම පහසුකම්ද පසුගියදා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් හඳුන්වාදෙනු ලැබිණ.   ශිරන්තනි මානවඩු
 

More News..