brand logo

රියදුරෙක් නැතිව ධාවනය වූ රථයක් පුද්ගලයෙකුට මරු කැඳවයි

25 January 2022

දිඹුල පතන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන  තේ දළු ප්‍රවාහනය කරන ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් එම රථයේ රියදුරු ලොරි රථයට යට වී රෝහල් ගත කිරිමෙන් පසු අද (25දා)  ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසුවා. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොටගල ප්‍රදේශයේ පදිංචි කරුපයියා කන්නිඅප්පන් (36) නැමති එක්දරු පියෙක්. මවුන්ට්වර්නන් වත්තේ තේ දළු ප්‍රවාහනය සඳහා ලොරි රථය පණ ගන්වා,රියදුරු රථයෙන් බැස සිටින අවස්ථාවේ එකවරම ලොරි රථය ඉදිරියට ධාවනය වී තිබෙනවා. ඒ මොහොතේ ලොරි රථය නතර කිරීමට‍ එයට නැගීමට උත්සාහ කරන අවස්ථාවේ එම ලොරි රථයට යට වී රියදුරු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි දිඹුල පතන පොලිසිය පැවසුවේ. අනතුර පිලිබදව දිඹුල පතන පොලිසිය මගින් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
 

More News..