brand logo

රියදුරු බලපත් ගන්න ප්‍රායෝගික පරීක්ෂණ රජයෙන් පමණයි

04 June 2020

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශව වෙතින් ඉටුකර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. එම තීරණය අවලංගු කර අදාල විභාගය රජය විසින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබූ බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
 

More News..