brand logo

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය මාස 3කින් දීර්ඝ කරයි

22 January 2021

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය තවත් මාස 03කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ අනුව ලබන මාර්තු මස 31 වැනි දක්වා රියදුරු බලපත් අලුත් කිරීමේ කාලය දීර්ඝ කර ඇත. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා පැමිණෙන රියදුරු බලපත්‍ර ලාභීන් යම් සීමාවකට යටත්ව රියදුරු බලපත්‍ර අලුත් කිරීම සිදු කෙරෙන හෙයින්, එසේ රියදුරු බලපත්‍ර කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර ලාභීන් මාර්ගයේ රිය ධාවනයේ දී සිදුවන අපහසුතාවයන් මගහැරලීම සඳහා (මෝටර් රථ පනතේ 203 වන වගන්තිය) තවත් මාස 03 ක කාලයක් දීර්ඝ කර ඇත. මෙහිදී උදා:- 2021 මාර්තු 31 දිනට රියදුරු බලපත්‍රයේ කාලය ඉකුත් වන බලපත්‍ර ලාභීන්ට තමන්ගේ රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීමේ කාලය එදින සිට තවත් මාස 03ක කාලයක් ඉදිරියට හිමිවනු ඇත.
 

More News..