brand logo

රිමාන්ඩ් භාරයේ සිටින පාඨලී අධිකරණයට රැගෙන එයි

19 December 2019

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත් රැගෙන විත් තිබේ. ඊයේ රාත්‍රියේදී පාඨලීී චම්පික රණවක මහතාගේ බත්තරමුල්ල ජයන්තිපුර පිහිටි නිවසේදී ඔහු අත්අඩංගුවට ගත් අතර, පසුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගියහ. ඉන් පසුව පාඨලී චම්පික රණවක මහතා කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා අද (19) දින දක්වා රක්ෂිත බන්ධානාගර ගත කර තිබේ.
 

More News..