brand logo

රිදීමාලියද්ද ගාමන්ට් එකක 176 කට කොවිඩ්

03 February 2021

රිදීමාලියද්ද - ගැමුණුපුර ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 176 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. එම ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 2300 දෙනෙකුගෙන් 540 කට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලිනුයි මෙම පිරිසට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඒ හේතුවෙන් අදාළ ඇඟළුම් කර්මාන්තශාලාව සති දෙකක පමණ කාලයක් වසා දමා ඇති බව වාර්තා වේ. ආසාදනය වූ සේවක සේවිකාවන් රිදීමාලියද්ද - ගැමුණුපුර, අරවත්ත, අබේපුර, කෙසෙල්පොත උතුර සහ දකුණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.  
 

More News..