brand logo

රිචඩ්සන්ගේ පළමු ටෙස්ට් කඩුල්ල චන්දිමාල්

24 January 2019

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩාම සමඟ මේ වන විට බ්‍රිස්බේන් හි ගැබා ක්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා. මෙම තරඟයට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නවක ක්‍රීඩකයින් දෙදෙනකු ද ක්‍රීඩා කරනවා. ඒ Jhye Richardson සහ Kurtis Patterson වේ. වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Jhye Richardson විසින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල කඩුල්ල ලෙස අද දිනයේ දවාගනු ලැබුවේ ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක දිනේෂ් චන්දිමාල්වීම ද විශේෂත්වයක්. වයස අවුරුදු 22ක් වන Jhye Richardsonගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟය මෙය වනවා. මේ වන විට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කඩුළු තුනක් දැවී ලකුණු  58ක් ලබාගෙන සිටිනවා. නොදැවී පන්දුවට පහරදෙන රොෂේන් සිල්වා ලකුණු 0 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 14ක් ලබාගෙන සිටිනවා. දිමුත් කරුණාරත්න ලකුණු 24ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 12ක් ලබාගත් අතර, නායක චන්දිමාල්ට ලබාගත හැකි වූයේ ලකුණු 5ක් පමණයි.
 

More News..