brand logo

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි එංගලන්ත නඩු තීන්දුව දේශපාලනික පෙලඹවීමක්

09 December 2019

එක්සත් රාජධානියේ මැතිවරණය අසන්නයෙ ඇති මොහොතක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව නඩු තීන්දුව ලබාදීම දේශපාලනික පෙලඹවීමක් මත කළ ක්‍රියාවක් බවට පැහැදිලි වන්නේ යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී. රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට පෞද්ගලික වශයෙන් නඩු පැවරීම සහ ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය තහවුරු කිරීමට අපොහොසත් වීම තුළින්ද පැහැදිලි වන්නේ මෙය දේශපාලනික පෙළඹවීමකින් සිදුකළ තීණ්දුවක් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. තවද නඩුව විභාග වන අතරතුරදී එල්.ටී.ටී.ඊ.යට රැගෙන සිටි පැමිණිල්ලේ ආධාකරුවන්ගේ නොහික්මුණු හා බියගන්වන සුළු හැසිරීම්ද, පෞද්ගලිකව නඩු පැවරීම මත විත්තිකරු විසින් අධිකරණය වෙත ඉදිරිත් කළ වරප්‍රසාදිත තොරතුරුද මාධ්‍ය වෙත කාන්දුවීම යන කරුණු තුළින්ද මෙහි ඇති දේශපාලනික පෙළඹවීම පෙන්නුම් කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දුට වියානා සම්මුතියට අනුව රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය හිමිවන බව ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කියා සිටින බවද නිවේදනයේ දැක්වේ. පවතින සාක්ෂිවලට අනුව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වූ පුද්ගලයන් සහ නඩු විභාගය අවස්ථාවේදී වෙස්මිනිස්ටර් අධිකරණය ඉදිරිපිට විරෝධතා දැක්වූ පුද්ගලයන්ද භාවිත කළේ එක්සත් රාජධානියේ තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ධජ බවද විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී.
 

More News..