brand logo

රෑ 8 වෙනකන් කඩේ යන්න අවසර

09 October 2020

නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද (09) උදෑසන සිට රාත්‍රී 8.00 දක්වා වෙළඳසැල් විවෘත කර තැබීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි. ඒ අනුව සතොස, ඖෂධ සැල්, සුපිරි වෙළෙද සැල්, මත්ස්‍ය අලෙවි සැල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳ සැල් විවෘත කිරීමට අවසර ලබා දි ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ළඟම පවතින වෙළෙදසැල වෙත ගොස් අදාළ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ඇති අතර එක් නිවසකින් එක් අයෙකු පමණක් භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැල් වෙත යාම යෝග්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ඊට එරෙහිව කටයුතු කරන්නන්ට නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
 

More News..