brand logo

රැඳවියෙකුට සිම් පතක් දුන් මීගමුවේ නියාමක අත්අඩංගුවට

22 June 2020

මීගමුව බන්ධනාගාරයේ රැදවියෙකුට සිම් පතක් ලබා දුන් බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම් කිරිමට බන්ධනාගාර මුලස්ථානය අද නියෝග කොට ඇත. ජයතුංග නැමති නියාමකවරයෙකු මෙලෙස වැඩ තහනමට ලක්ව තිඛේ. මෙලෙස සිම් පත ලබා දී ඇත්තේ බන්ධනාගාර තුල රඳවා සිටින සුරේෂ් පුෂපකුමාර නැමති රැදවියෙකු හටයි. මෙම රැදවියාගේ බිරිඳ සහ ඇයගේ සොයුරා හා ගුවන් හමුදා සැරයන්වරයෙකු කේරල ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 685 ක් හෙරොයින් ග්‍රෑම් 100 ක් සමග බස්නාහිර බුද්ධි කොට්ඨශයේ නිලධාරින් විසින් ඉකුත් 20 වනදා අත්අඩංගුවට ගැණුනි. එම ජාවාරම බන්ධනාගාර තුල සිට ජංගම දුරකතන උපයෝගි කොට ගෙන මෙම රැඳවියා විසින් මෙහෙයවු බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත. ඒ අනුව විමර්ශන කොට මෙම නියාමකවරයා සිම් පත ලබා දුන් බවට තහවුරු වී ඇත. මෙම වැඩතහනමට ලක්වු නියාමකවරයාට මීට පෙරද බන්ධනාගාරය තුලට තහනම් ද්‍රව්‍ය රැගෙනයාම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මීගමුව බන්ධනාගාරයේ නව අධිකාරිවරයා ලෙස ඒ සී ගජනායක වැඩ භාර ගත් දිනයේම විමර්ශන සිදුකොට රාජකාරි ආරම්භ කිරිම කාගේත් පැසසුමට ලක්ව ඇත.
 

More News..