brand logo

රැඳවියන් පිරිසකට ජනාධිපති පොදු සමාව දෙන්න තීරණයක්

31 August 2020

බන්ධනාගාර ගත කර සිටින සුළු වැරදි සම්බන්ධව දඬුවම් ලැබුවන්ට ජනධිපති පොදු සමව යටතේ නිදහස ලබාදීමට තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් ඊයේ (30)උපදෙස් ලැබී ඇති බවයි. නව කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින්නන්ගේ තදබදය හේතුවෙන් සිරකරුවන් පිරිසට ජනාධිපති පොදු සමව ලබාදෙන ලෙස අවධානය යොමුව ඇත්තේ. ඒ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් සහ දඩමුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිර දඬුවම් ලබන වයස අවුරුදු 65ට වැඩි දඬුවම් කාලයෙන් අඩක් ගෙවා ඇති සිරකරුවන්ට නිදහස හිමිවනු ඇති. යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කරන සැම වසරකම අදාළ සිර දඬුවමෙන් මාස 03ක කාලයක් අඩුවන අදාළ සිරදඬුවම් කාලය අවසන් වන සුළු වැරදි යටතේ දඬුවම් ලබන පිරිසට ද නිදහස ලැබෙනු ඇති බව වාර්තා වනවා. එමෙන්ම මේ දිනවල සිදුවන මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් නිසා සැක කරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම නිසා බන්ධනාගාර තුල දැඩි තදබදයක් පවතින බවද සඳහන් කළා.
 

More News..