brand logo

රැකියා සඳහා තවත් රටවල් හතරකට යෑමට අවසර

17 June 2020

විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කිරීමේ කටයුතුවල දෙවන අදියර අද (17) යළි ආරම්භ කර තිබේ. ඒ අනුව හොංකොං, රුමේනියාව, පෝලන්තය හා චෙක් රාජ්‍යය ට අදාළ ලියාපදිංචි කිරීම අද සිට සිදු කෙරේ. ඉහත රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිකයින් බඳවා ගැනීමට අදාළ දැන්වීම් පළ කිරීමට, බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනවලට ඒ සමග අනුමැතිය හිමිවන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා පවසයි.
 

More News..