brand logo

රැකියා නැති ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 700 ක්

05 February 2021

ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 700 ක් රැකියා විරහිතව සිටින බව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඔවුන් කඩිනමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි. පළමු අදියරේදී පුරප්පාඩු 176 ක් සඳහා ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වනවිටත් පවත්වා ඇති අතර ඔවුන්ට පත්වීම් ප්‍රදානය ඉදිරි දෙසතිය ඇතුළත සිදුකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
 

More News..