brand logo

රැකියාවෙන් පසු මුදල් ඉපැයීමටය Sparetime ඇප් එක එළි දැක්වෙයි

13 July 2021

රැකියාවෙන් පසු මුදල් ඉපැයීමට Sparetime ඇප් එක එළිදැක්වෙයි අමතර කාලයෙන් අමතර ආදායමක් සොයා ගැනීම සඳහා සීලියොන් සොලුෂන් ආයතනයෙන් (www.sparetime.lk) නවතම මොබයි ඇප් නිෂ්පාදනයක් හඳුන්වා දී ඇත. එමගින් ගෘහස්ථ, කාර්යාලීය හෝ පුද්ගලික සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයන් සොයා ගැනීමට හෝ එවැනි සේවාවක් ඔවුන්ට සපයා අමතර ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව උදා වේ. මේසන්, වඩු, ජල නල, පරිගණක ආශ්‍රිත සේවා, තොග වෙළෙදාම හා බෙදා හැරීම, වෛද්‍ය හා හෙද වෘත්තිය, ගුරු වෘත්තිය, නීතීඥ වෘත්තිය, රූපලාවණ්‍ය ශිල්පය, අත් වැඩ සැපැයීම, පිරිසිදු කිරීම, වාහන සේදීම ආදී විවිධ සේවාවන් සැපැයීමට හා ලබා ගැනීමට මෙම මොබයිල් ඇප් එක ඔස්සේ පහසුකම් සලසා ඇත. මෙමගින් රටේ ඕනෑම අයෙකුට රැකියාවට අමතරව අතිරේක ආදයමක් සොයා ගැනීමට කදිම ඔන්ලයින් වේදිකාවක් සකසා ඇත. ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම දුරකථන සඳහා සේවා සැපැයීමට Sparetime Provider හා සේවා ලබා ගැනීමට Sparetime User යනුවෙන් ඇප් දෙකක් ලෙස භාවිතයේ පහසුවට මෙම ඇප් එක නිර්මාණය කර ඇත.
 

More News..