brand logo

රැකියාවක් ඉල්ලා සිව්දෙනෙකු පැල්වත්ත සිනී සමාගමේ ජල ටැංකිය මත විරෝධතාවක

31 May 2019

බුත්තල පැල්වත්ත සිනී කර්මාන්තායතනයේ ජල ටැංකිය මතට අද(31)උදෑසන නැග පුද්ගලයන් සිවුදෙනකු විරෝධතාවක් ආරම්භ කර තිබේ. අනියම් සේවයට බදවා ගැනීමේ දී අක්‍රමිකතා සිදු වන බවත් තමන් තිදෙනාට අනියම් කම්කරු රැකියාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම පුද්ගලයන් තිදෙනා මෙම ජල ටැංකියට බැස තිබේ. අද උදෑසන හතට පමන පුද්ගලයන් තිදෙනෙකු මෙම ටැංකියට පලමුව නැග ඇති අතර පසුව ඔවුන්ට සහය පල කරමින් තවත් අයෙකු ද එම ටැංකිය මතට නැග තිබේ. පාලනාධිකාරිය සමග සාකච්ඡාවක් සදහා ටැංකියෙන් පහලට බසින ලෙසට සේවකයන් හට පොලිස් නිලධාරීන් දැනුම් දුන් නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළේය. නිසි විසදුමක් ලිඛිතව ලබා දෙන තුරු තමන් මෙම ජල ටැංකියෙන් බිමට බසින් නොමැති බව විරෝධයට එක් වූවන් පවසනවා. ජයන්ත වීරසේකර
 

More News..