brand logo

රාහුල් ගාන්ධිටත් කොරෝනා

20 April 2021

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. රාහුල් ගාන්ධි සිය ට්විටර් ගිණුමේ ද මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇත. ඉන් ඔහු සදහන් කර ඇත්තේ තමන් කොවිඩ් ආසාදිතයෙකු බවයි. එමෙන්ම තමන්ව පසුගිය දින කිහිපය තුළ හමුවීමට පැමිණි සියලුදෙනා සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදින ලෙසට ද රාහුල් ගාන්ධි ඉල්ලා ඇත. 50 හැවිරිදි වියේ පසුවන රාහුල් ගාන්ධි මේ වන විට නිරෝධායනයට යොමුව තිබේ.  
 

More News..