brand logo

රාජේෂ් මනි Mastercardහි ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් වෙයි

25 May 2020

Mastercardහි ශ්‍රී ලංකා සහ මාලදිවයින යන රටවල ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ලෙස රාජේෂ් මනී මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පසුගිය මාර්තු මස මුලදී රාජේෂ් මනී මෙම තනතුරට පත් කරනු ලැබුවේ එම තනතුරෙහි කටයුතු කරමින් සිට වෙනත් තනතුරකට පත් වූ සංතෝෂ් කුමාර් පසුවය. රාජේෂ් මනී සිය වෘත්තීය භූමිකාව තුළ ගෙවීම් සහ ෆින්ටෙක් යන අංශයන්හි දශක දෙකක පමණ සුවිසල් අත්දැකීම් ලබා ඇති අතර රාජ්‍ය සබඳතා පිළිබඳ ඔහු සතු අත්දැකීම් තුළින් රජයේ මෙන්ම මූල්‍ය ආයතන, ඩිජිටල් ක්‍රියාකාරීන් සහ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහයෝගී හවුල්කරුවකු ලෙස Mastercardහි තත්වය තවදුරටත් වර්ධනය කිරීමටද හැකියාව උදා වේ. ඔහුගේ නව පත්වීම තුළින් Mastercardහි මෙහෙයුම් තව දුරටත් වර්ධනය වනු ඇත. ශ්‍රී ලංකාව සහ මාලදිවයින Mastercard සඳහා වැදගත් වෙළෙඳපොළක් වන අතර ඒවායේ වර්ධන හැකියාවන් සහ ඩිජිටල්කරණය කරා යොමු වීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය ඊට තවත් පහසුවක් වනු ඇත. රාජේෂ් මනී මෙම පත්වීම ලැබීමට පෙර සිංගප්පූරුවේ කටයුතු කළ අතර එහිදී 2018 වසරේ ගෝලීය ප්‍රධාන විධායක සම්මානය දිනාගත් ඉන්දුනීසියාවේ ගෘහස්ථ ගෙවීම් පද්ධති යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඔහු විසින් Mastercard වෙත නායකත්වය සපයන ලදී. ඊට අමතරව Grab, Gojek සහ Shopee ඇතුල් අග්නිදිග ආසියාවේ ප්‍රධාන ඩිජිටල් සේවාදායකයින් සමග Mastercardහි ඉහළ බලපෑමක් සහිත ඩිජිටල් හවුල්කාරීත්වයන් ගණනාවකට ඔහු විසින් ක්‍රියාකාරීව නායකත්වය සැපයීමට කටයුතු කිරීම විශේෂත්වයකි. නව පත්වීමත් සමග රාජේෂ් Mastercard හි දකුණු ආසියාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විකාස් වර්මා වෙත වාර්තා කිරීමට නියමිතය. ඔහුගේ නව පත්වීම පිළිබඳව අදහස් දැක්වූ විකාස් වර්මා මහතා “රාජේෂ්ගේ බහු පාර්ශවීය ගෙවීම් පසුබිම අපගේ ගනුදෙනුකරුවන්ට, හවුල්කරුවන්ට සහ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කණ්ඩායමට විශාල වටිනාකමක් ලබා දෙනු ඇති බවට මට විශ්වාසයි. මෙම වෙළෙඳපොළවල් අඛණ්ඩව සංවර්ධනය වෙමින් හා වේගයෙන් විකාශනය වෙමින් පවතින නිසා මෙම කලාපයන්හි ඩිජිටල් පරිසරයක් ගොඩනගා ගැනීම සඳහා අපගේ හවුල්කරුවන්ට සහාය වීමට රාජේෂ්ට හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබෙන බව පැවසිය හැකියි.” යනුවෙන් පැවසීය.
 

More News..